27 December 2024


හිටපු මන්ත්‍රීවරු 07ක් මාදිවෙලින් පිටවෙයි



මාදිවෙල නිල නිවාස සංකීර්ණයේ සිටි හිටපු මන්ත්‍රීවරුන් 7දෙනෙක් ඊයේ (22) නිවාස භාරදී පිටව ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර පසුගියදා එම හිටපු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබුණේ එම නිවාස සංකීර්ණයෙන් කඩිනමින් ඉවත් නොවුනහොත් නිවාසවල ජල සැපයුම අත්හිටුවන බවයි.
 
මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස ලබාදීම දෙසැම්බර් 03වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)