බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපීඩන තත්ත්වය ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් 100kmක දුරින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමනිසා ඉදිරියේදී 75mm - 150mm අතර වර්ෂාපතනයක් ඇති විය හැකි අතර සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 - 60 දක්වා වැඩිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන්.
සුළි කුණාටු තත්ත්වය ඉදිරියේදී තීව්ර විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)