දකුණු සුඩානයට බලපා තිබෙන අධික උණුසුම් දේශගුණික තත්වය හේතුවෙන් එහි සියලු පාසල් සති දෙකක කාලයක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
එරට සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය දරුවන් නිවෙස් වලින් පිටතට නොඑවන ලෙසයි.
ඉදිරි සති දෙක තුළ දකුණු සුඩානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45කට වඩා වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)