27 December 2024


අස්වැසුම අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කළ බවයි.

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයට මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ පුද්ගලයන් හට එයට අයදුම් කිරීමට 2024.11.25 සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබාදී තිබුණා.

නමුත් රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)