27 December 2024


මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොඳුරු වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගනියි



මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොඳුරු වී අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 32 බේරාගෙන තිබෙනවා.

එම බේරාගත් පිරිස අතරට පිරිමි පුද්ගලයන් 24ක් සහ කාන්තාවන් 08 දෙනෙක් ඇතුළත්.  

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ බේරා ගත් පුද්ගලයන් මේ වන විට තායිලන්තයේ ටක් පළාතේ සිටින බවයි. 

(colombotimes.lk)