12 May 2025


ගිනි කන්දක් නිසා අයිස්ලන්තයට හදිසි තත්වයක්



ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බවයි සඳහන් වන්නේ.

මීට පෙර ගිනි ගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා.

(colombotimes.lk)