යළි සහල් ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන සඳහන් කළේ රට තුළ පවතින සහල් හිඟය මහ කන්නයේ අස්වනු නෙලීම ආරම්භවීමත් සමඟ අවසන් වන බවට දැනට පුරෝකථනය කර ඇති බවයි.
දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම තත්ත්වය මත සහල් මෝල් සතුව පවතින වී තොග වෙළඳපොළට නිකුත් කිරීමය ව්‍යාපාරිකයන් කටයුතු කරමින් ඇති බව
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)