colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


සංජීව මහානාමගේ දේපළවලට අධිකරණයෙන් දුන් නියෝගය



අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අයත් දේපළ කිහිපයක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, සංජීව මහානාම විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් බව කියන ඉඩම් 3ක් සහ වාහන 3ක් විමර්ශන කටයුතු සඳහා දූෂණ විරෝධී පනත යටතේ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණය එම දේපළ දෙසැම්බර් 18 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා.

(colombotimes.lk)