colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


කොළඹින් පිටතට යන නිලධාරීන්ට විශේෂ දුම්රිය සේවාවක්



මැතිවරණ රාජකාරී සඳහා කොළඹින් පිටතට ගමන් කිරීමට අපේක්ෂිත නිලධාරීන්ට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොළගේ මහතා කියා සිටියේ ඒ අනුව හෙට (18) උදෑසන සිට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය සේවාව ආරම්භ වන බවයි.

එම දුම්රිය සේවාව මහනුවර, බෙලිඅත්ත සහ යාපනය දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)