colombotimes.lk
සිංහල | English

22 October 2024


T20 WC 2024 - AFG Vs AUS | ඇෆ්ගනිස්ථානයට අමතක නොවන සටනක්



T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ලකුණු 21ක ජයක් හිමි කර ගැනීමට ඇෆ්ගනිස්ථානය අද (23) සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

Rahmanullah Gurbaz ලකුණු 60ක් සහ Ibrahim Zadran ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 149ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 127ක් පමණයි.

Glenn Maxwell ලකුණු 59ක් සහ Mitchell Marsh ලකුණු 12ක් රැස් කළා.

(colombotimes.lk)