colombotimes.lk
සිංහල | English

22 October 2024


T20 WC 2024 - IND Vs BAN | බන්ගලියන්ට ඉන්දියාවෙන් සුපිරි සත්කාරයක්



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ ඉන්දියාව සහ බංගලාදේශය අතර ඊයේ (22) පැවති තරගයෙන් ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කළා.

Hardik Pandya නොදැවී ලකුණු 50ක් සහ Virat Kohli ලකුණු 37ක් ලබා ගත්තා.

ලකුණු 197ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 146ක් පමණයි.

Najmul Hossain Shanto ලකුණු 40ක් සහ Tanzid Hasan ලකුණු 29ක් රැස් කළා.

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos

(colombotimes.lk)