මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවති ගැටලුකාරි තත්ත්වය අවසන් කරමින් නැවත නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වාහන අංක තහඩුවක් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත මුදල් ගෙවා එය මෙතෙක් ලබා නොගෙන ඇත්නම්, අංක තහඩුව 2024 දෙසැම්බර් මස 15 වනදාට පෙර ලබා ගන්නා ලෙසයි.
2024 දෙසැම්බර් 15න් පසු රථ වාහන සඳහා තාවකාලික අංක තහඩු භාවිතා කරමින් මාර්ගය තුළ ධාවනය කිරීම කළ නොහැකි වන අතර එලෙස තාවකාලික අංක තහඩු භාවිතා කරමින් ධාවනය වන රථ වාහන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්රියාමාර්ග ගනු ලබනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් නිකුත් කර තිබූ තාවකාලික අංක තහඩු සමඟ ධාවනයට ලබාදී තිබූ අවසර පත්රය 2024 දෙසැම්බර් 15 අවලංගු වන බවයි.
(colombotimes.lk)