colombotimes.lk
සිංහල | English

19 May 2024

චීන ජනපති යුරෝපයේ සංචාරයක



චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (05) ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණ තිබෙනවා.

ඔහු මෙලෙස යුරෝපා සංචාරයක් ආරම්භ කර තිබෙන්නේ වසර 5කට පසුවයි.

මෙම සංචාරය සඳහා ජනාධිපති ආර්යාව පෙංග් ලුවාන් සහ චීන රජයේ නියෝජිතයන් පිරිසක් ද ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද එක් වී සිටින බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ සංචාරය අතරතුර ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ද ලින් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)