තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් අද (19) පෙ.ව 8.30 සිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
(colombotimes.lk)