colombotimes.lk
සිංහල | English

03 May 2024

ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි



පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය පාසල් වෙත බෙදාදීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කළා

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි.

ඒ අනුව මෙහි පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් බෙදා දීම සිදු වූ අතර එය හෙට (20) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මැයි 19 දින පළමු පාසල් පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසුව අනෙකුත් ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)