colombotimes.lk
සිංහල | English

04 May 2024

අනුර - සජිත් විවාදයට දින නියම වෙයි



සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර විවාදය පැවැත්වෙන දිනය තීරණය කළ යුත්තේ පාර්ශව දෙකම ඒකාබද්ධ වී කරන සාකච්ඡාවකින් පසුව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා ඉදිරියේදී දෙපාර්ශවය හමු වී සාකච්ඡා කිරීම අවශ්‍ය බවට වන ලිඛිත දැන්වීම ජාතික ජනබලවේගය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව එම විවාදය එළඹෙන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)