කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු 01 ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් බවයි වාර්තා වන්නේ.
ආඬියාගල වනජීවී කාර්යාලය සහ පොලීසිය මඟින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා.
කලා වැව රක්ෂිතයට අමතරව කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේද මෙම දළ ඇතා සැරිසරා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)