colombotimes.lk
සිංහල | English

22 October 2024


ඌරන් දහසකට ආසන්න පිරිසක් මිය යයි



මේ වන විට පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් දහසකට ආසන්න ගණනක් මිය ගොස් ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කළේ රෝගය වැළඳී ඇති ඌරන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැති බවයි.

උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල ඌරන්ට වෛරස් රෝගය වැළඳී තිබෙන බවද ඇය ප්‍රකාශ කළා.

මේ වන විට රෝගය වැළඳී නොමැති සතුන්ට එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇය වැඩිදුරටත් කියා සිටියේ වෛරස් රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අහාරයට ගැනීම නුසුදුසු බවයි.

පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපළහිමියන් සමඟ ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ගත යුතු ඉදිරි පියවර පිළිබදව එහිදී සාකච්ඡා කළ බව ඇය ප්‍රකාශ කළා.

(colombotimes.lk)