පසුගිය වසරේ පවත්වා ඇති මහවිරු සැමරුම් උත්සව මෙම වසරේ පවත්වා ඇති ආකාරයට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ලෙස ප්‍රචාරය කළ පුද්ගලයන් 03 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ ජාතිවාදය ඇති කිරීමේ අරමුණින් ඔවුන් විසින් මෙම ප්‍රචාරයන් සිදුකර ඇති බවයි.
යාපනය, බද්දේගම සහ මරදාන පදිංචි පුද්ගලයන් තිදෙනෙක්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කරන බවයි.
(colombotimes.lk)