පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 03 දෙනෙක් ඊයේ (30) බලතොට ඇල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 32 සහ 56 යන වයස්වල පසුවන වැලිමඩ සහ මහියංගනය ප්රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් සන්තකයේ තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
(colombotimes.lk)