මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්රවාහන සේවා ක්රියාත්මක කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ ක්රියාත්මක බවයි.
මේ අතර විශේෂ දුම්රිය කිහිපයක් අද (17) සහ හෙට (18) ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පස්වරු 7.30ට දුම්රියක් පිටත්වීමට නියමිතයි.
එමෙන්ම බදුල්ලේ සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය ගමන් පස්වරු 5.30ට ආරම්භ වනවා.
මහනුවර - කොළඹ කොටුව සහ බෙලිඅත්ත - කොළඹ කොටුව අතරද විශේෂ දුම්රිය සේවයක් ක්රියාත්මකයි.
ඊට අමතරව කොළඹ කොටුවේ සිට හික්කඩුව දක්වා සහ මාතර සිට කොළඹ කොටුව දක්වාද විශේෂ දුම්රිය සේවයක් ක්රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම ගාල්ලේ සිට කොළඹ කොටුව බලා සහ මාතර සිට කොළඹ කොටුව බලා අද පස්වරුවේ විශේෂ දුම්රිය සේවා ක්රියාත්මකයි.
(colombotimes.lk)