අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්වී තිබෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
පොලිස් කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ බවයි.
නමුත් මේ වන විට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
ඒ අනුව A-9 මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සාමාන්‍ය පරිදි මාර්ගයේ ගමන් කළ හැකි බවද එම නිවේදනයේ සඳහන්.
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)