27 December 2024


විසි වසරකට පසු පැරෑලිය දුම්රිය නැවත ධාවනය කරයි



ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ සුනාමි ව්‍යවසනය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් වූ මඟීන් සහ දුම්රිය සේවකයන් සිහිපත් කිරීම සඳහා අද (26) උදෑසන 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනය කර තිබෙනවා.

මෙම දුම්රිය ධාවනය කිරීමේ විශේෂත්වය වන්නේ පැරෑලියේදී එම ව්‍යවසනයට මුහුණ දුන් දුම්රිය එන්ජිම යොදා ගනිමින් ධාවනය කිරීමයි.

පැරෑලිය දුම්රිය ස්ථානයේදී එහි සිටි පිරිස මිනිත්තු 10ක් පමණ කාලයක් නවතා සුනාමි සැමරුම සඳහාද එක්ව තිබෙනවා.

(colombotimes.lk)