පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 01 සහ 02 පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක්ද නැවත දැනුම් දෙනතුරු කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
ඒ අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙසැම්බර් 01 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශය 2024 විභාගය සහ දෙසැම්බර් 02 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛනඥ සහ සංඛ්‍යා ලේඛනඥ නිලධාරීන් සඳහා වන විභාගය එලෙස කල්දැමූ බවයි.
එම විභාග පැවැත්වෙන දින පිළිබඳ ඉදිරියේදී විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
(colombotimes.lk)