colombotimes.lk
සිංහල | English

21 October 2024


උද්ධමනය සෘණ අගයක් දක්වා පහළට



ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 අගෝස්තු මාසයේ දී 2.3%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී  0.5%ක් දක්වා අඩු වී තිබෙන බවයි.

එමෙන්ම අගෝස්තු මාසයේ දී 0.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7%ක් දක්වාද අඩු වී තිබෙනවා.

(colombotimes.lk)