colombotimes.lk
සිංහල | English

21 October 2024


අල්ලස් සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 67ක් අත්අඩංගුවට



මේ වසරේ ගත වූ මාස 9 තුළ අල්ලස් සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 67 දෙනෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
 
එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට පොලිස් නිලධාරීන් 20 දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.  

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්,  උප පොලිස් පරීක්ෂකවරයෙක්,  කොස්තාපල්වරු 8 දෙනෙක් හා සැරයන්වරු 9 දෙනෙක් ඊට අයත්.

ඒ අනුව අදාළ කාලය තුළ සිවිල් පුද්ගලයන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

අල්ලස් ලබා ගැනීමේ සිදුවීම්වලට අදාළව ග්‍රාම නිලධාරීවරුන් 03 දෙනෙක්ද  අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කළා.

එම කොමිසම නිකුත් කළ නිවේදනයට අනුව විදුහල්පතිවරයෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතරට ඇතුළත්.

(colombotimes.lk)