colombotimes.lk
සිංහල | English

21 October 2024


මහින්දගේ තවත් වාහන 03ක් ජනාධිපති ලේකම් කාර්යාලයට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ භාවිතයට ලබාදී තිබූ වාහන 03ක් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා.

එම වාහන අතරට ගිලන් රථයක්, වෑන් රථයක් සහ කැබ්‍ රථයක් අයත් වන බවයි වාර්තා වන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය 19වනදා ද ඔහු සතුව තිබූ වාහන 16න් වාහන 8ක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන් බවයි.

(colombotimes.lk)