colombotimes.lk
සිංහල | English

21 October 2024


වන අලි තිදෙනෙක්ට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න



කහල්ල - පල්ලෙකැලේ අභයභූමිය තුළ පවත්වාගෙන ගිය අනවසර ගොවිපළක ඇඳ තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකට හසු වීමෙන් වන අලි තිදෙනෙක් මියගොස් තිබෙනවා.

වනජීවි නිලධාරීන් සඳහන් කළේ එම ගොවිපළ පවත්වා ගෙනගිය සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.

එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)