ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පරිසර අමාත්‍යාංශයට සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ. ආර්. උඩුවාවලව පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වයි. එල්. මොහොමඩ් නවාවිව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද පත් කර තිබෙනවා.
ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ඊයේ (27) ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)