colombotimes.lk
සිංහල | English

18 October 2024


Women’s T20 Asia Cup | සිංහ ධේනුවන් අවසන් සටනට එක්වෙයි



2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ පාකිස්ථාන කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

එම තීරණයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කරගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 141ක්.

පන්දුවාර 19 පන්දු 5ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ජයග්‍රාහී සිමාව පසු කර ගියා.

මෙම තරගයේදී චමරි අතපත්තු ලකුණු 63ක් රැස් කිරීමට සමත්වුණා.