26 May 2025


හෙළ සිනමාවේ නිළි රැජිණියගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට



අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තබන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හෙට (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදීද දේහයට මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

 
(colombotimes.lk)