Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදු කරන රථ වාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවති සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා.
ඒ හේතුවෙන් බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්ජනය සිදු නොකිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදු කරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ (07) එකඟතාවකට පැමිණියා.
එවන් තත්ත්වයක් තුළ බස් සංගම් නියෝජිතයන් අද පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
එහිදී වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)