ගාසා තීරයේ අවතැන් පවුල් නවාතැන් ගෙන සිටින පාසලකට ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
එමෙන්ම තවත් පුද්ගලයන් 20 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා.
එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ පාසලේ සුන්බුන් අතර තවත් පුද්ගලයන් සිරවී සිටින බවයි.
(colombotimes.lk)