මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150කට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වනවා.
ඒ අනුව මෙවර තේරීපත් වූ 146 දෙනෙක්ම පළමුවරට පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් වීම විශේෂත්වයක්.
ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයෙන් තේරී පත්වී තිබෙනවා.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙක්ම නවක මන්ත්‍රීවරුන් බවයි සඳහන් වන්නේ.
සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධූර 35න් 8 දෙනෙක් නවක මන්ත්‍රීවරුන් වන අතර 27 දෙනෙක් මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්ද මෙවර පාර්ලිමේන්තුවට එක් නවක මන්ත්‍රීවරයෙක් තේරී පත්වී තිබෙනවා.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් තිදෙනෙක්ම නවක මන්ත්‍රීවරුන් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන්ද එක් නවක මන්ත්‍රීවරයෙක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වී තිබෙනවා.
කෙසේ වෙතත් නව ප්රජතන්ත්රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වනවා.
පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු ධූර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරයද නවක මන්ත්‍රීවරුන් පිරිසක් වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)