colombotimes.lk
සිංහල | English

13 May 2024

හිටපු සෞඛ්‍ය ලේකම් රිමාන්ඩ් - නිල කාමරය මුද්‍රා තැබීමටත් නියෝගයක්



ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිල දී ගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

එමෙන්ම ඔහුගේ කාර්යාලය මුද්‍රා තබන ලෙස අධිකරණයෙන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා. 
 
අද (19) පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා එම නිල කාමරය පරීක්ෂා කර සැක කටයුතු ලේඛන ඇත්නම් ඒවා සිය භාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. 
 
එමෙන්ම එම කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලු සහාය ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කළා.
(colombotimes.lk)