colombotimes.lk
සිංහල | English

26 June 2024

ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ ගෙන්වූ සමාගමකට වැඩ වරදී



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ වෛද්‍ය උපකරණ සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන් වූ පුද්ගලික සමාගමකට දඩ නියම කර තිබෙනවා.

මෙරටට ගෙන්වීම සහ අලෙවි කිරීම යන චෝදනාවලට වරදකරු වූ මෙම සමාගමට රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කොළඹ 13 ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක් විසින් මෙම උපකරණ ගෙන්වා තිබෙනවා.

ඒ අනුව එම වෛද්‍ය උපකරණ සහ රසායනික ද්‍රව්‍ය තොගය විනාශ කිරීමට පියවර ගන්නා ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.

(colombotimes.lk)