22 November 2024


විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘට නිදහස හිමි වෙයි



විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

ඇමරිකාවේ හමුදා රහස් ලොවට හෙළි කිරීමේ චෝදනා මත ඔහුව සිරගත කර තිබුණා.

ඇමරිකාව සමඟ ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වයක් මත ඔහුව නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විකිලික්ස් වෙබ් අඩවිය හරහා ඇමරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලික්ස් වෙබ්අඩවි නිර්මාතෘවරයාට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබුණා.

ඒ අනුව ඔහු 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරය වෙත යවා තිබෙනවා.

(colombotimes.lk)