12 May 2025


ඩක්වත් ලුවිස් න්‍යායේ අවසන් හිමිකරුත් දිවියෙන් සමු ගනියි



ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.

වර්ෂාවෙන් බලපෑමට ලක් වූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා මෙම න්‍යාය හඳුන්වා දුන්නා.

ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 84ක් බව සඳහන්.

ෆ්‍රෑන්ක් ඩක්වත් සමග ටොනි ලුවිස් මෙම න්‍යාය හඳුනා දුන් අතර, ටොනි ලුවිස් 2020 වර්ෂයේ අප්‍රේල් 02 වැනිදා ආභාවප්‍රාප්ත වුණා.

(colombotimes.lk)