මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙවසරක දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් එම සංවර්ධන සැලැස්ම සකස් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අලුත් ගමක් - අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.
(colombotimes.lk)