27 December 2024


උසස් පෙළ විභාගය පැවැත්වීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි



මෙවර අ. පො. ස උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.

ඒ මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)