colombotimes.lk
සිංහල | English

12 May 2024

කුරුණෑගල සහ හබරණ අතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අත්හිටුවයි



කුරුණෑගල සහ හබරණ අතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අත්හිටුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසනවා. 

ඒ අනුව ඉදිකිරීම් සඳහා ජනතාවගෙන් ලබා ගත් ඉඩම් නැවත ජනතාවට භාර දීමට රජය තීරණය කර ඇති බවයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පැවසුවේ. 
 
වසර 17 ක කාලයක සිට කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම, වාර්තා සැකසීම, ව්‍යාපෘති වාර්තා සැකසීම මෙන්ම පදිංචිව සිටි ජනතාවට ඉඩම් සංවර්ධනය කිරීම ආදිය ද නවතා දමා තිබුණා.
(colombotimes.lk)