12 May 2025


ඉන්දීය මහ මැතිවරණයට දින තීන්දු වෙයි



ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව අදියර හතකින් යුත් ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 19 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙවර මිලියන 970 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්ද මධ්‍යස්ථාන දසලක්ෂ පනස්දහසක දී ඡන්දය ප්‍රකාශය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදු කරන අතර එහි ප්‍රතිඵල එදිනම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වනවා.

(colombotimes.lk)