27 December 2024


ආපදා මරණ සංඛ්‍යාව ඉහළට



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් 04 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානය පවසනවා.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට මෙම අයහපත් කාලගුණය දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් පවුල් 66,947ක පුද්ගලයන් 230,743කට බලපෑම් එල්ල වී තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 8ක් සහ අර්ධ නිවාස හානි 620ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙනවා.

උදය හේරත් සඳහන් කළේ ඒ හේතුවෙන් ආරක්ෂිත කඳවුරු 165ක පුද්ගලයන් 15,586 දෙනෙක් සුරක්ෂිතව රැඳී සිටින බවයි.

(colombotimes.lk)