colombotimes.lk
සිංහල | English

24 September 2024


වියළි කාළගුණයෙන් රක්ෂිත ගිනිගැනීම් සංඛ්‍යාව ඉහළට



මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාළගුණය තත්ත්වය හේතුවෙන් රක්ෂිත ගිනිගැනීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

පොලීසිය සඳහන් කළේ බදුල්ල හිඟුරුගමුව රක්ෂිතයේ ඊයේ (23) ගින්නක් හටගෙන තිබෙන බවයි.
 
මේ වන විට රක්ෂිතයේ අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද අලුයම වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊයේ (23) රාත්‍රීයේ වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ද ගින්නක් හටගෙන ඇති අතර මේ වන විට එය මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

(colombotimes.lk)