colombotimes.lk
සිංහල | English

24 September 2024


ලෙබනනයේ සිටින ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්



ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් හට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

එම ගුවන් ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් 492ක් මියගොස් ඇති අතර ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක 1300ක් වෙත රොකට් ප්‍රහාර 200කට අධික ප්‍රමාණයක් එල්ලකර තිබෙනවා.

ඊශ්‍රායලයේ ඉලක්ක වී ඇත්තේ ලෙබනනයේ දකුණු කොටසේ සහ නැගෙනහිර බේකා නිම්නයේ ප්‍රදේශ රැසක් බවයි වාර්තා වන්නේ.

දකුණු ලෙබනනයේ බේරුට්හී ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉන් ඉවත්වන ලෙසට ඊශ්‍රායල හමුදා නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙන්නේ විටින් විට එල්ලවන ප්‍රහාර පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.

(colombotimes.lk)