colombotimes.lk
සිංහල | English

24 September 2024


බිත්තර මිලෙහි වෙනසක්



වෙළඳපොලේ පවතින බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩු වී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පවසනවා.

ඔහු කියා සිටියේ බිත්තර මිල අඩු වීමට හේතුව වී ඇත්තේ නිෂ්පාදනය ඉහළයාම සහ ඉල්ලුම අඩු වීම බවයි.

ඒ අනුව මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලක පවතින බවද එම සංගමය සඳහන් කළා.

(colombotimes.lk)