12 May 2025


මෙරට ආර්ථික තත්වය ස්ථාවරයි - මහ බැංකුව



මේ වනවිට මෙරට ආර්ථිකයේ බොහෝ අංශයන්හි ස්ථාවරභාවයක් පෙන්නුම් කරන බව ජූලි මාසය සඳහා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙනවා. 

එමෙන්ම නුදුරු කාලයේදී උද්ධමනයෙහි තවදුරටත් පහළ යෑමක් බලාපොරොත්තු වන බව මහ බැංකුව ප්‍රකාශ කළා. 
 
ඊට දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්වයන්ගේ බලපෑම් ක්‍රියාත්මක කිරීම, සැපයුම් අංශයේ අවහිරතා ක්‍රමයෙන් පහවයෑම, ගෝලීය වශයෙන් මිල පීඩන පහව යෑම සහ උද්ධමනයෙහි පහළ යෑමද මීට දායකවී ඇති බව සඳහන්.
(colombotimes.lk)