colombotimes.lk
සිංහල | English

04 May 2024

පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් වන දිනය ගැන කතානායක කියයි



ජනවාරි මස 24 වැනි දින 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අවසන් කිරීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. 

ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභා වාරය පෙබරවාරි මස 7 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි. 
 
පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමට අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිතුමා ඉදිරියේදී නිකුත් කරනු ඇති බව ද කතානායකරවාය ප්‍රකාශ කළා. 
 
පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කිරීමත් සමග කෝපා, කෝප් ඇතුළු පාර්ලිමේන්තු කමිටුවල වලංගුභාවය ද අවසන් වනු ඇති. 
 
පාර්ලිමේන්තු සභාවාරය යළි ඇරඹීමෙන් පසු අදාළ කමිටු අලුතින් පත්කිරීමට නියමිතයි.
(colombotimes.lk)