27 December 2024


උත්සව සමයේදී විශේෂ වැටලීම් ඇරඹීමට සැලසුම්



උත්සව සමය කේන්ද්‍ර කර ගනිමින් ලබන 25 වනදා සිට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළා.

සුපිරි වෙළෙඳසැල්, සිල්ලර වෙළෙඳසැල්, ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුළ පරීක්ෂා කිරීමට නියමිතයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සම්බන්ධයෙන්ද මෙම කාල සීමාව තුළ විශේෂ අවදානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.

උත්සවය සමය තුළ පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු 1977 යන කෙටි දුරකථන අංකයට දැනුම්දීමට හැකියාව පවතින අතර මෙම විශේෂ වැටලීම් ලබන ජනවාරි 15 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)