colombotimes.lk
සිංහල | English

02 May 2024

නිල්වලා නිසා නැවතත් ගං වතුර අවදානමක්



නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් නැවත ගංවතුර තත්ත්වයක් මතු වී තිබෙන බව වාර්තා වනවා. 

ඒ දෙණියාය, මොරවක, පිටබැද්දර, අකුරැස්ස ප්‍රදේශවලට පෙරේදා (11) ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්. 
 
පානදුගම ජල මාපකය ඊයේ (12) උදේ 10.30 වන විට 6.92ක් ලෙස දර්ශනය වන අතර පිටාර මට්ටම 6.40ක්. අකුරැස්ස – අතුරලිය – කද්දුව – මාලිම්බඩ – කඹුරුපිටිය – බංගම – සියඹලාගොඩ – මාකඳුර – දෙදියගල ආදි මාර්ග සියල්ල ජලයෙන් යට වී තිබෙන බවයි Colombo Times වාර්තාකරු පැවසුවේ. 
 
එමෙන්ම අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගයේද පරදුව ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වී තිබෙන බවත් පස් කඳු කඩා වැටීම් ද තැනින් තැන සිදු වන බවයි වාර්තා වන්නේ. 
 
අතුරලිය ප්‍රදේශයේ ගංවතුරින් කොටු වී සිටින පවුල් සඳහා ආහාර පිළියෙල කරමින් අවශ්‍ය ස්ථානවලට බෙදා හැරීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගේ සහාය ලැබී තිබෙනවා.
(colombotimes.lk)